වඳුරු උණ රෝගය ගැන රහසිගත වාර්තාවක් එළියට
Friday, 10 June 2022 - 16:23 | Views - 1,125

බටහිර සහ මධ්‍යම අප්‍රිකාවේ බහුල ව පැතිරී ඇති වෛරස් ආසාදනයක් වන වඳුරු උන වසංගත රෝගය මේ වන විට යුරෝපය කේන්ද්‍ර කරගනිමින් රටවල් 16ක් පුරා ව්‍යාප්ත වෙමින් පවතිනවා.එම වඳුරු උණ රෝගය පිළිබඳ රාජ්‍ය බුද්ධි සේවයෙන් කළ රහසිගත වාර්තාවක් ද එළියට පැමිණ තිබෙනවා.මෙම රෝගයෙන් ලංකාවට ඇති විය හැකි අවදානම පිළිබඳ යි මෙම බුද්ධි වාර්තාව සකස් වී ඇත්තේ.මෙම රෝගය ප්‍රධාන වශයෙන් නැඟෙනහිර අප්‍රිකානු ප්‍රභේදය හා කොංගෝ ප්‍රභේදය ලෙස දෙආකාරයකින් ව්‍යාප්ත වන වසංගතයක්.ඉන් වඩාත් හානිකර ප්‍රභේදය වන්නේ, කොංගෝ ප්‍රභේදය වන අතර, එහි මරණ අනුපාතය සියයට දහයක්.මේ වන විට වඩාත් ව්‍යාප්ත වෙමින් පවතින්නේ, මෙම ප්‍රභේද දෙක අතුරින් නැඟෙනහිර අප්‍රිකානු ප්‍රභේදය වන අතර, එහි මරණ අනුපාතය දැක්වෙන්නේ සියයට එකක් ලෙස යි.ශ්‍රී ලංකාවට නිරන්තර ව විදේශිකයන් පැමිණෙන නිසා, මෙම රෝගය ලංකාවට ද ව්‍යාප්ත වෙතැ යි යන බිය ජනතාවට ඇති විය හැකි යි.නමුත් තවම මෙම රෝගය ඉන්දියාව, පාකිස්තානට, මාලදිවයින වැනි අසලවාසී රාජ්‍යයන්ට ව්‍යාප්ත වී නැති අතර, එබැවින් මෙම රෝගය පිළිබඳ අවදානමක් දැනට ශ්‍රී ලංකාවට නෑ.ඒ පිළිබඳ රාජ්‍ය බුද්ධි සේවයෙන් සිදු කළ පර්යේෂණයක ඉතා ම රහසිගත වාර්තාවක් අපට ලැබුණා. එම සම්පූර්ණ වාර්තාව පහළින් කියවන්න






Share This Article