ලංගම සේවකයන් වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවයි
Friday, 10 June 2022 - 15:51 | Views - 1,147
ලංකා ගමනාගමන මණ්ඩල සේවක සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවා තිබෙනවා.

ඒ ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

වැටුප් විෂමතාවක් මුල් කර ගනිමිනුයි දිවයිනේ ප්‍රදේශ රැසක ශ්‍රී ලංගම ඩිපෝ සේවකයින් බස් ධාවනයෙන් ඉවත් වී වර්ජනයක් ආරම්භ කරනු ලැබුවේ.

ශ්‍රී ලංගම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය දියත් කර ඇති මෙම වර්ජනයට බස් රථ රියදුරන්, සහයකවරුන් සහ ඩිපෝ නිලධාරින් ඇතුළත්.

මෙම වර්ජනය සබරගමුව පළාත තුල සහ හෝමාගම, මහරගම, කටුබැද්ද, මීතොටමුල්ල ඇතුළු කොළඹ දිස්ත්‍රික්කයේ ඩිපෝ රැසකද ක්‍රියාත්මක කෙරුණා.

නව චක්‍රලේඛවලට අනුව මේ මස 26 වනදාට පෙර සිය හිඟ වැටුප් ලබාදෙන තෙක් වර්ජනය ක්‍රියාත්මක බවයි ශ්‍රී ලංගම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කාරක සභික ශාන්ත කුමාර සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ හිඟ වැටුප් ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු සලසමින් සිටින බවයි.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top