මෙරට ප්‍රකට වයාපාරිකයකු වන ධම්මික පෙරේරාගේ නම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මැතිවරණ කොමිසම වෙත යොමු කර තිබෙනවා.
අදාළ නාම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂයේ මහලේකම්වරයා විසින්.
මෙරට ව්‍යාපාර ජාලයක සභාපති ධුර උසුලන ධම්මික පෙරේරා එම ව්‍යාපාර සභාපති ධුරවලින් ඉල්ලා අස් වීමට නියමිත බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.
මෙලෙස ධම්මික පෙරේරා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ, ඊයේ (09) දින සිය ජාතික ධුර මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වූ හිටපු මුදල් අමාත්‍යවරයකු වන බැසිල් රාජපක්ෂගෙන් හිස් වුණු අසුන සඳහා යි.
පාර්ලිමේන්තුවට පිවිසෙන ධම්මික පෙරේරාට අමාත්‍ය ධුරයක් ද පිරිනැමීමට නියමිත අතර, එම ධුරය කුමක් ද යන්න පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති අතර, දේශපාලන විශ්ලේෂකයන් ඉඟි පළ කරන්නේ, ඔහුට ලැබෙන අමාත්‍ය ධුරය බොහෝ විට ආර්ථික කළමනාකරණ ක්ෂේත්රයට හෝ කර්මාන්ත සංවර්ධන ක්ෂේත්රයට අදාළ විය හැකි බව යි
මේ අතර, ව්‍යාපාරික ධම්මික පෙරේරා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසීම තහවුරු වීමත් සමඟ ඔහු සභාපතීත්වය දැරූ කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි සංස්ථාපිත සමාගම් සියල්ලේ ම කොටස් වටිනාකම අද (10) දිනය තුළ ඉහළට ගිය බවත් වාර්තා වනවා.