පොහොට්ටු මන්ත්රීවරු මැතිසබයේ දී කළු පටි පළඳියි
Friday, 10 June 2022 - 12:12 | Views - 396
ප්රචණ්ඩකාරීන් පිරිසක් විසින් නිට්ටඹුවේදී ඝාතනය කෙරුණු ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරු දිස්ත්රික් මන්ත්රී අමරකීර්ති අතුකෝරල මහතාගේ එම ඝාතනයට විරෝධය පළ කරමින් පොදුජන පෙරමුණේ සියලුම මන්ත්රීවරුන් කළු පටි පැළැඳ පාර්ලිමේන්තු සභා ගර්භයට අද (10) පැමිණ සිටීම විශේෂ සිද්ධියක් ලෙස වාර්තා වනවා.
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ද කළු පටියක් පැළඳ සභාගර්භයේ රැඳී සිටිනු දැකගත හැකි වූ අතර එම කළු පටිය බඳිනු ලැබූවේ මාතලේ දිස්ත්රික් මන්ත්රී ප්රමිත බණ්ඩාර තෙන්නකෝන් විසින් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
Share This Article