අදත් ගෑස් නෑ
Friday, 10 June 2022 - 11:04 | Views - 530
ප්රමාණවත් ගෑස් තොග නොමැතිවීම හේතුවෙන් අද දිනයේ ද ගෘහස්ත ගෑස් සිලින්ඩර බෙදාහැරීමක් සිදුනොවන බව ලිට්රෝ ගෑස් සමාගම පවසනවා.
අවසන්වරට ගෑස් මෙට්රික් ටොන් දෙදහසක නෞකාවක් දිවයිනට පැමිණ තිබුණු අතර , එයින් පසුව, බස්නාහිර පළාතේ විශේෂ බෙදාහැරීමක් අඟහරුවාදා සිදුකිරීමෙන් පසු ගෑස් බෙදාහැරීම් තාවකාලිකව නවතා දැමුණා.
කෙසේ වෙතත්, තවත් ගෑස් රැගත් නෞකාවක් බදාදා දිවයිනට පැමිණ තිබුණ ද එය නිදහස්කර ගැනීමට ඊයේ පස්වරුව වනතෙක් ම හැකියාව ලැබී නොමැති බවටයි වාර්තා වන්නේ.
Share This Article