තවත් අලුත් ගැසට් නිවේදනයක්
Friday, 10 June 2022 - 9:21 | Views - 500
තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය සහ කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය ලෙස නව අමාත්‍යාංශ දෙකක් නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර, ඊට එම අමාත්‍යාංශවලට අයත් කාර්යභාරයන් සහ ආයතන ද ඇතුළත්.

ඒ අනුව තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම හා එහි පාලිත සමාගම් මෙන්ම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ ප්‍රමිති ආයතනය ඇතුලු ආයතන 15 ක් ඇතුළත් වනවා.

මීට පෙර පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ඇතුලු ආයතන කිහිපයක් පැවතුනේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේයි.

එසේම කාන්තා හා ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශයට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුලු ආයතන 15 ක් ඇතුළත් වනවා.

නව විෂය පථයන් ඇතුළත් කරමින් බෙදා වෙන් කළ අමාත්‍යාංශවල සම්පූර්ණ විස්තරය මෙතැනින්..
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top