පාර්ලිමේන්තු මන්ත්රී දිලිප් වෙදආරච්චිගේ පුතාට සහ ඔහුගේ ලේලිය ට අධිකරණය මගින් අද (08) ඇප නියම කර තිබෙනවා.
වලස්මුල්ල මහෙස්ත්රාත් අධිකරණය මගින් එලෙස ඇප නියම කර තිබෙනවා.
රවිඳු වෙදාආරච්චි සහ ඔහුගේ බිරිඳ වන නෙත්මී හරින්දි ද සිල්වා ට පසුගිය 01 වනදා දක්ෂිණ අධිවේග මාර්ගයේ බැදිගම හුවමාරුවේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ සාපරාධී බලහත්කාරය සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබුනා.
සිද්ධියෙන් පසු සැඟව සිටි ඔවුන් දෙදෙනා පසුගිය 6වනදා පොලීසියට භාරවූ අතර අනතුරුව ඔවුන්ව අත්අඩංගුවට ගැනුණා.
ඒ අනුව අද (08) දිනය දක්වා එහිදී ඔවුන්ව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණා.