සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අද (08) සිට ස්වාධීන මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන බව ප්‍රකාශ කළා.
එහිදී ඔහු සඳහන් කළේ, තමා අද සිට විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන බවයි.
තමා ඒ බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ලිඛිතව දැනුම්දුන් බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.
තමන් 2020 මාර්තු 18 වැනි දින, සමගි ජනබලවේගයට එකතු වූයේ දේශපාලන සන්ධානයකට එක් වීමේ පදමින් එකඟ වූ අවබෝධතා ගිවිසුමකට අනුව බවත්, තමා ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමේ තීරණය ගත්තේ එකී අවබෝධතා ගිවිසුමේ හරයාත්මක පදනම් වලට අනුව යමින් බව ද ඔහු පාර්ලිමේන්තුවේ දී කියා සිටියා.
තව ද තමා මෙම තීරණය ගෙන ඇත්තේ කිසිවෙකු කෙරෙහි ඇති පුද්ගලික තරහක් හෝ වෛරයක් නිසා නොවන බවයි ඔහු එහි දී සඳහන් කළේ.
එලෙස ම වත්මන් අවස්ථාවේ දී ආණ්ඩු පක්ෂයට මෙන් ම විපක්ෂයට ද වෙනදාට වඩා වගකීම් සහගත භූමිකාවක් සිදු කරන්නට සිදුව ඇති බවත්, තමා ස්වාධීන වීමේ අරමුණ ඒ සඳහා වඩා ප්‍රශස්ථ ඉඩකඩක් වෙන් කර ගැනීම සඳහා බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ.
තව ද තමාට මෙම ආණ්ඩුවේ කිසිදු අමාත්‍ය ධූරයක් ලබා ගැනීමට කිසිදු අදහසක් නැති බවත් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී කියා සිටියා.