පාඨලී ස්වාධීන වෙයි (Video)
Wednesday, 08 June 2022 - 13:22 | Views - 340
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අද (08) සිට ස්වාධීන මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන බව ප්‍රකාශ කළා.

එහිදී ඔහු සඳහන් කළේ, තමා අද සිට විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන බවයි.

තමා ඒ බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ලිඛිතව දැනුම්දුන් බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

තමන් 2020 මාර්තු 18 වැනි දින, සමගි ජනබලවේගයට එකතු වූයේ දේශපාලන සන්ධානයකට එක් වීමේ පදමින් එකඟ වූ අවබෝධතා ගිවිසුමකට අනුව බවත්, තමා ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමේ තීරණය ගත්තේ එකී අවබෝධතා ගිවිසුමේ හරයාත්මක පදනම් වලට අනුව යමින් බව ද ඔහු පාර්ලිමේන්තුවේ දී කියා සිටියා.

තව ද තමා මෙම තීරණය ගෙන ඇත්තේ කිසිවෙකු කෙරෙහි ඇති පුද්ගලික තරහක් හෝ වෛරයක් නිසා නොවන බවයි ඔහු එහි දී සඳහන් කළේ.

එලෙස ම වත්මන් අවස්ථාවේ දී ආණ්ඩු පක්ෂයට මෙන් ම විපක්ෂයට ද වෙනදාට වඩා වගකීම් සහගත භූමිකාවක් සිදු කරන්නට සිදුව ඇති බවත්, තමා ස්වාධීන වීමේ අරමුණ ඒ සඳහා වඩා ප්‍රශස්ථ ඉඩකඩක් වෙන් කර ගැනීම සඳහා බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ.

තව ද තමාට මෙම ආණ්ඩුවේ කිසිදු අමාත්‍ය ධූරයක් ලබා ගැනීමට කිසිදු අදහසක් නැති බවත් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී කියා සිටියා.
 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top