ප්‍රවීණ ඡායාරූප ශිල්පී සේන විදානගම අභාවප්‍රාප්ත වෙයි
Wednesday, 08 June 2022 - 12:05 | Views - 424
ප්‍රවීණ ඡායාරූප ශිල්පී සේන විදානගම අද අළුයම සිය නිවසේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මෙරට මුද්‍රිත මාධ්‍ය ඡායාරූප කලාවේ නොමැකෙන සටහන් තැබූ මෙම අති විශිෂ්ඨ ඡායාරූප ශිල්පියා සිය දිවි සැරිය නිම කරන විට 76 වැනි වියේ පසු වුණා.

1987 ජුලි මස හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ඉන්දු ලංකා ගිවිසුම් අත්සන් තැබීම සඳහා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සිදු කළ අතර එහිදී ඔහුට නාවික හමුදා සෙබළෙකු විසින් හමුදා උත්තමාචාර පෙළපාලිය අතරතුර එල්ල කරනු ලැබූ අනපේක්ෂිත ප්‍රහාරය සිය කැමරාවේ සටහන් කරගත් එකම ඡායාරූප ජනමාධ්‍යවේදීයා වූයේ සේන විදානගමයි.

එම සිදුවීම එවකට මෙරට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන විසින් "අධික හිරු එළිය නිසා ඇතිවූ තාපය හේතුවෙන් ගාන්ධි අග්‍රාමාත්‍යවරයා ක්ලාන්ත වී වැටීමට ගිය බවට", " It's not a gun stroke, it's a sun stroke" ලෙස අර්ථ දැක්වීමට දැරූ වෑයම බිඳහෙළු ප්‍රධාන ම සාක්ෂිය වූයේ සේන විදානගම ගේ කැමරා කාචයේ සටහන් වූ මෙම ඓතිහාසික ඡායාරූපයයි.

දශක පහකට අධික කාලයක් පුරා සේන විදානගම විසින් ශ්‍රී ලංකා ඉතිහාසයේ වැදගත් සංධිස්ථාන සිය ගණනක මතක සේයාරුවට හසු කරගෙන ඇති අතර මෙම ඡායාරූපය එහි අග්‍රඵලයයි.

අද මෙන් තාක්ෂණික ක්‍රමෝපාය බහුල නොවූ යුගයක සිමීත පහසුකම් සහ අසීරු තත්ත්වයන් යටතේ ඔහු මෙරට පුවත්පත් කලාවට සහ ප්‍රංශ පුවත් සේවය හරහා ශ්‍රී ලංකාවේ තත්ත්වය සෙසු ලෝකයා වෙත දැනුවත් කිරීමට දැරූ උත්සාහය ඉතා ප්‍රශස්තයි.

දේශීය මෙන්ම විදේශීය ජනමාධ්‍ය ආයතන කිහිපයකම ජ්‍යෙෂ්ඨ ඡායාරූප ශිල්පියකු ලෙසින් සේවය කළ සේන විදානගම, සිය රාජකාරියෙන් ඉසිඹු ලැබ විශ්‍රාම සුවයෙන් කල් ගෙවනා අතරතුර, සිය දිවිසැරිය නිමා කර කලා.

මෙම විශිෂ්ට ඡායාරූප ශිල්පියාගේ අවසන් කටයුතු ජුනි මස 9 වැනිදා වැලිසර පොදු සුසාන භූමියේදී පස්වරු 6ට සිදු කෙරෙන්නේ තමා මිය ගිය පසු මෘත දේහය පැය 24 ක් ඇතුළත අවසන් කටයුතු කළ යුතුයි යන කැමැත්තට ඉඩ දෙමින්.

අද පස්වරුවේ සිට සේන විදානගම ගේ දේහය අංක 57/21 නිදහස් මාවත, හෙට්ටියාවත්ත, ඇලපිටිවල, රාගම නිවසේ මහජන ගෞරවය සඳහා තැන්පත්කර තිබෙනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top