හෙට ජලය සීමාවෙන තැන් මෙන්න
Wednesday, 08 June 2022 - 8:57 | Views - 468
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (09) ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලය පවසනවා.
කෙත්හේන ජල පවිත්‍රාගාරයේ සහ අගලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (09) පෙරවරු 8 සිට පස්වරු 9 දක්වා පැය 13 ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවනු ඇති.
ඒ අනුව වාද්දූව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර - දකුණ, නාගොඩ, කටුකුරුන්ද, පයාගල, බෙන්තොට සහ කළුවාමෝදර ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.
මේ අතර අනුරාධපුර නුවර වැව ජල පවිත්‍රාගාරයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට පස්වරු 9යේ සිට අනිද්දා පස්වරු 6 දක්වා අනුරාධපුර උතුර ජලසම්පාදන ක්‍රමය, ගල්කුලම, යාපනය හන්දිය, සාලියපුර, රඹෑව, අනුරාධපුර නව නගර ජල සම්පාදන ක්‍රමය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවනවා.
Share This Article