පෝලිම්වල ඉන්න එපා - අද ගෑස් එන්නේ නෑ
Wednesday, 08 June 2022 - 8:35 | Views - 597
අද (08) දිනයේ ගෑස් බෙදාහැරිමක් සිදුනොකරන බව ලිට්රෝ සමාගම පවසනවා.
කෙසේවෙතත් දින කිහිපයකින් පසු යළි බෙදාහැරිම් කටයුතු ආරම්භ කරන බවයි එම සමාගම සඳහන් කළේ.
ඒ හේතුවෙන්, නැවත දැනුම් දෙන තුරු පෝලිම්වල රැඳී නොසිටින ලෙසද , එම සමාගම වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර ගෑස් මෙට්‍රික්ටොන් 2,000ක් රැගත් නෞකාවක් පසුගියදා (06) මෙරටට පැමිණි ඇති අතර එහි ගෑස් ගොඩබෑම ඊයේ (07) උදෑසන වන විට අවසන් කර තිබුණු බවද ආරංචි මාර්ග සඳහන් කළා.
කෙසේ වෙතත්, මේ දිනවල ඉන්ධන නොලැබීම හේතුවෙන් ඇති වී තිබෙන ඉන්ධන හිඟය අවම කිරීමට අද දිනයේ සිට ඩීසල් හා පෙට්‍රල් සාමාන්‍ය පරිදි වෙළෙඳපලට නිකුත් කෙරෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කළා.
Share This Article