ඩීසල් හා පෙට්‍රල් අද සිට සාමාන්‍ය පරිදි වෙළෙඳපලට
Wednesday, 08 June 2022 - 7:33 | Views - 4,151
මේ දිනවල ඉන්ධන නොලැබීම හේතුවෙන් ඇති වී තිබෙන ඉන්ධන හිඟය අවම කිරීමට අද දිනයේ සිට ඩීසල් හා පෙට්‍රල් සාමාන්‍ය පරිදි වෙළෙඳපලට නිකුත් කෙරෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.
පසුගිය දින කිහිපයේදී ඩීසල් හා පෙට්‍රල් වෙළෙදපලට නිකුත් කෙරුණේ සීමා සහිතවයි.
ඒ අනුව මේ වන විටත් දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන හල් ආශ්‍රීතව දැඩි පෝලිම් නිර්මාණය වී තිබෙනවා.
ඉන්දීය ණය ක්‍රමය යටතේ මෙරටට ලගාවන ඉන්ධන නෞකාවක් ලබන 16 වනදා මෙරටට ලගාවීමට නියමිත බවද බලශක්ති අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළා.
කෙසේ හෝ ඊට පෙර තවත් ඉන්ධන නෞකා දෙකක් මෙරටට පැමිණෙන අතර ඊට අදාල ගෙවීම් සදහා අවශ්‍ය ප්‍රතිපාදන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලබා දී ඇති බව ද අමාත්‍ය කාංචන විජේසේකර ඊයේ (06) සඳහන් කර සිටියා.
Share This Article