ඉදිරි සති 3 තුළ ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කරන්න - අගමැති (Video)
Tuesday, 07 June 2022 - 12:46 | Views - 3,804

ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත්, ගමන් බිමන් සීමා කරන ලෙසත් අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටිනවා.
ඒ අද (07) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
තව ද, ඉන්ධන සම්බන්ධයෙන් ඉදිරි සති තුනක කාලය, දුෂ්කර එකක් වීමට නියමිත බවත්, ඉන්ධන සඳහා සලාක ක්‍රමයක් හඳුන්වා දීම වෙනුවෙන් මතුව ඇති අදහස බැහැර කළ නොහැකි බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර සිටියා.
එහි දී ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ඉන්ධන සඳහා රටට මාසයකට වැය වන මුදල ඩොලර් මිලියන 500 ක් පමණ වන බවත්, වර්තමාන අර්බුදකාරී තත්ත්වය යටතේ තෙල් මිල ඉහළ යෑමේ අවදානමක් ඇති බව සිහි තබා ගත යුතු බවයි.
තව ද මේ වසර අවසානයේ දී 40% කින් පමණ ලෝක තෙල් මිල ඉහළ නැංවෙන බවට අනුමාන පළවන බවත්, එවන් පසුබිමක් යටතේ ඉන්ධන සඳහා සලාක ක්‍රමයක් හඳුන්වා දීමේ අදහස බැහැර කළ නොහැකි බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා.
කෙසේ නමුත් ඉදිරි මාස හය සඳහා ඉන්ධන ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 3300 ක් සොයා ගත යුතුව ඇති බවත් ඔහු ප්‍රකාශ කළා.
තව ද මෙරටට අවශ්‍ය ගෑස් තොග ගෙන්වා ගැනීමට මාසයකට ඩොලර් මිලියන 40කට අධික ප්‍රමාණයක් අවශ්‍ය වන බවත්, දැනට ගෑස් ආනයනය කිරීම සඳහා බහුපාර්ශවීය ආධාර දේශීය මුදල් සහ ඉන්දීය ණය යොදා ගන්නා බවත් ඔහු කියා සිටියා.
එමෙන් ම ඉදිරි මාස හය තුළ ගෑස් ආනයනය සඳහා ඩොලර් මිලියන 250ක මුදලක් අවශ්‍ය වන බව ද ඔහු අවධාරණය කළා.
ඒ වගේම ඉන්ධන සහ ඒ සම්බන්ධයෙන් ඉදිරි සති තුන දුෂ්කර කාල සීමාවක් වෙනවා.
තව ද, මෙම කාල සීමාවේ තමන් ගැන පමණක් සිතා අනවශ්‍ය ලෙස ඉන්ධන සහ ගෑස් රැස්කර ගැනීමෙන් වළකින ලෙසත් අග්‍රාමාත්‍යවරා ජනතාවගෙන් ඉල්ලා සිටියා.
එකී සති තුනක දුෂ්කර කාල පරිච්ඡේදයෙන් පසු ඉන්ධන සහ ආහාර දුෂ්කරතාවයන් ගෙන් තොරව බෙදාදීම සඳහා රජය වෙහෙසෙන බව ද ඔහු අවධාරණය කළා.
Share This Article