වසරක් වැටුප් නෑ - ඇමති දීමනා විතරයි
Tuesday, 07 June 2022 - 9:45 | Views - 9,264
සියලුම අමාත්‍යවරු වසරක කාලයක් වැටුප් නොගෙන එම ධුරයන්හි කටයුතු කිරීමට එකඟතාවය පළ කර තිබෙනවා.

අදාළ කරුණ සම්බන්ධයෙන් ඉදිරිපත් වුණු කැබිනට් යෝජනාවට සියලුම අමාත්‍යවරුන්ගේ අනුමැතිය හිමි වූ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඔහු මෙම අදහස් පළකලේ , අද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්,

කෙසේ වෙතත්, මෙහිදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, වර්ෂයක කාලයක් වැටුප් නොලැබුවද ,ඇමතිවරයෙකුට හිමිවන දීමනා ඊට අදාළ නොවන බවයි.

එසේම, ඇමතිවරයෙකුට සුළු වශයෙන් ඉන්ධන ඇතුළුව යම් යම් දීමනා ලැබෙන බවද මෙහිදී ඇමතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියා. 

ඇමති වැටුප හා දීමනා ගැනත් දැනගන්න පහතින් ...,

කෙසේ වෙතත් , මන්ත්‍රී­ව­ර­ය­කුගේ වැටුප රු. 54,285/-ක් ලෙසයි දැක්වෙන්නේ.

එසේම නියෝජ්‍ය ඇම­ති­ව­ර­ය­කුගේ මසක වැටුප රු. 63,500/-ක් ද , රාජ්‍ය ඇමති හා කැබි­නට් ඇම­ති­ව­ර­ය­කුගේ වැටුප රු. 65,000/-ක් ද , කථා­නා­ය­ක වරයාගේ වැටුප රු. 68,500/-ක් වන අතර අග්‍රා­මා­ත්‍ය­ව­ර­යාගේ වැටුප රු. 71,500/-ක් ලෙස ද සඳහන් වනවා.

එසේම වාර්තා පෙන්වා දෙන්නේ මීට අම­ත­රව කාර්යාල දීම­නාව හා ප්‍රවා­හන දීම­නාව වශ­යෙන් මස­කට රු. ලක්ෂය බැගින් මේ අයට හිමිවෙන බවයි.

පෞද්ග­ලික දුර­ක­ථන දීම­නාව වශ­යෙන් මස­කට රු. 50,000/-ක් වෙන් කර ඇති අතර කාර්යා­ලීය දුර­ක­ථන දීම­නාව (ස්ථාවර හා ජංගම) වශ­යෙන් මස­කට රු. 50,000/-ක් වෙන් කර තිබෙනවා.

නිද­හස් තැපැල් දීම­නාව වශ­යෙන් වස­ර­කට ලබා දෙන මුදල රුපියල් තුන් ලක්ෂ පන­ස්දා­හකි.

රිය­දුරු හා සංග්‍රහ දීම­නාව රු. 45,000/-ක් වශයෙන් ද, පාර්ලි­මේන්තු රැස්වී­මට සහ­භාගි වීම වෙනු­වෙන් දින­කට රු. 2,500/-ක් වශයෙන්ද දීමනා හිමි වෙනවා ඇති.

අමතරව රැස්වීම් නොපැ­වැ­ත්වෙන දින­ව­ලට පැවැ­ත්වෙන කාරක සභා රැස්වී­ම්ව­ලට සහ­භාගි වීම වෙනු­වෙන් ද දින­කට රු. 2,500/- ක දීමනාවක් හිමිවෙනු ඇති.

එසේම මන්ත්‍රී­ව­ර­යාට අම­ත­රව ඔහුගේ සම්බ­න්ධී­ක­රණ ලේක­ම්ව­ර­යාට ද දීමනා වෙන් කර තිබෙන අතර ඒ අනුව සම්බ­න්ධී­ක­රණ ලේක­ම්ව­ර­යාට පෙට්‍රල් ලීටර් 218ක් වෙනු­වෙන් ද දීමනාවක් හිමි වෙනවා ඇති.

තවද , අමාත්‍ය කාර්යය මණ්ඩ­ල­යට වාහන පහක් හිමිවෙන අතර නියෝජ්‍ය ඇමති කාර්යය මණ්ඩ­ල­යට හිමිවෙන වාහන සංඛ්‍යාව තුනක් ලෙසද සඳහන්.

කෙසේ වෙතත් , මේ සියලුම දෙනාගේ මන්ත්‍රී කාර්යය මණ්ඩ­ලයේ ඉහළ තන­තු­රු­වල වැටුප් සඳහා රු. 30,000/-ක් වශයෙන් වෙන් කර ඇති අතර ඉන්ධන දීම­නාව සහ දුර­ක­ථන දීම­නාවක් ද එම තන­තු­රු­ව­ලට ද ගෙවනු ඇති.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top