වසරක් වැටුප් නෑ - ඇමති දීමනා විතරයි
Tuesday, 07 June 2022 - 9:45 | Views - 9,265

සියලුම අමාත්‍යවරු වසරක කාලයක් වැටුප් නොගෙන එම ධුරයන්හි කටයුතු කිරීමට එකඟතාවය පළ කර තිබෙනවා.
අදාළ කරුණ සම්බන්ධයෙන් ඉදිරිපත් වුණු කැබිනට් යෝජනාවට සියලුම අමාත්‍යවරුන්ගේ අනුමැතිය හිමි වූ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.
ඔහු මෙම අදහස් පළකලේ , අද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්,
කෙසේ වෙතත්, මෙහිදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, වර්ෂයක කාලයක් වැටුප් නොලැබුවද ,ඇමතිවරයෙකුට හිමිවන දීමනා ඊට අදාළ නොවන බවයි.
එසේම, ඇමතිවරයෙකුට සුළු වශයෙන් ඉන්ධන ඇතුළුව යම් යම් දීමනා ලැබෙන බවද මෙහිදී ඇමතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියා.
ඇමති වැටුප හා දීමනා ගැනත් දැනගන්න පහතින් ...,
කෙසේ වෙතත් , මන්ත්‍රීවරයකුගේ වැටුප රු. 54,285/-ක් ලෙසයි දැක්වෙන්නේ.
එසේම නියෝජ්‍ය ඇමතිවරයකුගේ මසක වැටුප රු. 63,500/-ක් ද , රාජ්‍ය ඇමති හා කැබිනට් ඇමතිවරයකුගේ වැටුප රු. 65,000/-ක් ද , කථානායක වරයාගේ වැටුප රු. 68,500/-ක් වන අතර අග්‍රාමාත්‍යවරයාගේ වැටුප රු. 71,500/-ක් ලෙස ද සඳහන් වනවා.
එසේම වාර්තා පෙන්වා දෙන්නේ මීට අමතරව කාර්යාල දීමනාව හා ප්‍රවාහන දීමනාව වශයෙන් මසකට රු. ලක්ෂය බැගින් මේ අයට හිමිවෙන බවයි.
පෞද්ගලික දුරකථන දීමනාව වශයෙන් මසකට රු. 50,000/-ක් වෙන් කර ඇති අතර කාර්යාලීය දුරකථන දීමනාව (ස්ථාවර හා ජංගම) වශයෙන් මසකට රු. 50,000/-ක් වෙන් කර තිබෙනවා.
නිදහස් තැපැල් දීමනාව වශයෙන් වසරකට ලබා දෙන මුදල රුපියල් තුන් ලක්ෂ පනස්දාහකි.
රියදුරු හා සංග්‍රහ දීමනාව රු. 45,000/-ක් වශයෙන් ද, පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි වීම වෙනුවෙන් දිනකට රු. 2,500/-ක් වශයෙන්ද දීමනා හිමි වෙනවා ඇති.
අමතරව රැස්වීම් නොපැවැත්වෙන දිනවලට පැවැත්වෙන කාරක සභා රැස්වීම්වලට සහභාගි වීම වෙනුවෙන් ද දිනකට රු. 2,500/- ක දීමනාවක් හිමිවෙනු ඇති.
එසේම මන්ත්‍රීවරයාට අමතරව ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයාට ද දීමනා වෙන් කර තිබෙන අතර ඒ අනුව සම්බන්ධීකරණ ලේකම්වරයාට පෙට්‍රල් ලීටර් 218ක් වෙනුවෙන් ද දීමනාවක් හිමි වෙනවා ඇති.
තවද , අමාත්‍ය කාර්යය මණ්ඩලයට වාහන පහක් හිමිවෙන අතර නියෝජ්‍ය ඇමති කාර්යය මණ්ඩලයට හිමිවෙන වාහන සංඛ්‍යාව තුනක් ලෙසද සඳහන්.
කෙසේ වෙතත් , මේ සියලුම දෙනාගේ මන්ත්‍රී කාර්යය මණ්ඩලයේ ඉහළ තනතුරුවල වැටුප් සඳහා රු. 30,000/-ක් වශයෙන් වෙන් කර ඇති අතර ඉන්ධන දීමනාව සහ දුරකථන දීමනාවක් ද එම තනතුරුවලට ද ගෙවනු ඇති.
Share This Article