නොකාම ඉන්න වෙයිද ? එන්න එන්නම ඉහළටම යන මිල ගණන්
Tuesday, 07 June 2022 - 9:22 | Views - 1,553
අතවශ්‍ය භාණ්ඩවලට අමතරව වෙළෙදපොලේ මේ දිනවල එළවළු මෙන්ම මත්ස්‍ය මිල ගණන් ද සිඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙනවා.
පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණය තුල කෙලවල්ලා කිලෝග්‍රෑමයක තොග මිල ඊයේ දිනයේ පැවතියේ රුපියල් 2000කට ආසන්න අගයකයි.
තලපත් කිලෝග්‍රෑමයක මිල ද රුපියල් 1700ක අගයක්ද , බලයා කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 1000ක් සහ සාලයා සහ ලින්නා කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 800ක් ලෙස ද සටහන් වුණා.
කෙසේ වෙතත් මීට අදාළවම වෙළෙදපොලේ සැමන් මිලද රුපියල් 600 සීමාව දක්වා ඉහළට ගොස් ඇති බවයි වෙළෙදපොල ආරංචි මාර්ග සදහන් කළේ.
මේ අතර, එළවළු මිල ගණන්ද ඊයේ සහ අද දිනයන් තුල ඉහළම අගයක පවතිනවා.
Share This Article