සිමෙන්ති කොට්ටයක මිල යළිත් ඉහළට
Tuesday, 07 June 2022 - 8:50 | Views - 8,757
කිලෝ ග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව 2,850ක්ව පැවති සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 3000ක් දක්වා ඉහළට ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් , මෙවර සිමෙන්ති කොට්ටයක් රුපියල් 150කින් නැවතත් ඉහළ යාම හමුවේ ඉදිකිරීම් සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ නිරත වූවන් දැඩි සේ අපහසුතාවයට පත්ව ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

එසේම, රජය විසින් පසුගියදා ඉදිකිරීම් නතර කිරීමට ලබා ගත් තීරණයත් සමගම රජයේ ඉදිකිරීම් සහ කර්මාන්ත ක්ෂේත්‍රය හා සම්බන්ධව සිටි පුද්ගලයින් බරපතල අර්බුදයකට මුහුණ දී ඇති බව ද ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පෙන්වා දෙනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top