ගෑස් ගැන විශේෂ දැනුම් දීමක්
Tuesday, 07 June 2022 - 8:22 | Views - 1,422
ගෑස් බෙදාහැරීම සම්බන්ධයෙන් ලිට්රෝ ගෑස් සමාගම විසින් අද (07) විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ අද (07) කොළඹ, කළුතර සහ ගම්පහ ප්රදේශවලට පමණක් ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීමක් සිදුකිරීමට නියමිත බවයි.
කෙසේ වෙතත්, එම අලෙවි නියෝජිතයින්ගේ ලැයිස්තුව ලබා ගැනීම සඳහා www.litrogas.com වෙත පිවිසෙන ලෙස ද ලිට්රෝ ගෑස් සමාගම සියලු පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.
Share This Article