පාන් වලට මෙන්ම අනෙකුත් සියලුම බේකරි නිෂ්පාදනද වැට් බද්දෙන් නිදහස් කරන ලෙස ඉල්ලමින් අග්රාමාත්යවරයාට හා රජයට ලිපියක් යොමු කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
අනෙකුත් සියලුම බේකරි නිෂ්පාදනද වැට් බද්දෙන් නිදහස් නොකළහොත් බනිස් ගෙඩියක මිල රුපියල් 100 ඉක්මවා යා හැකි බවයි එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන සඳහන් කළේ.