රජයේ සේවකයන් ට සේවයට වාර්තා කළ යුතු දින ගණන 4 කට සීමා වෙයි ?
Monday, 06 June 2022 - 11:07 | Views - 2,349
සිකුරාදා දිනය රාජ්‍ය සේවකයන් සඳහා ‘නිවසේ සිට වැඩ කරන දිනයක්’ බවට පත් කිරීමට රජය අවශ්‍ය පියවර ගනිමින් සිටින බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.
ඒ අනුව රජයේ සේවකයන්ට සේවයට වාර්තා කළ යුතු දින ගණන සතියකට දින 4ක් දක්වා අඩු කරන බවද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් වන යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.
මේ වන විට රට තුළ පවතින ඉන්ධන සහ මූල්‍ය අර්බුදය හේතුවෙන් මෙම පියවර ගැනීමට නියමිත බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
Share This Article