එරෝෆ්ලොට් ගැන නීතිපතිගෙන් පෙත්සමක්
Monday, 06 June 2022 - 10:00 | Views - 343
අධිකරණ නියෝගයක් මත රඳවා ගැනුණු රුසියානු එරෝෆ්ලොට් ගුවන් යානය සම්බන්ධයෙන් නීතිපතිවරයා අද (06) අධිකරණයට පෙත්සමක් මගින් කරුණු වාර්තා කිරීමට නියමිතයි.

මගීන් 191 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 30 දෙනෙකු සමඟ මෙම යානය කටුනායක ගුවන් තොටුපලේදී රඳවා ගැනුනේ පසුගිය 2 වනදා සිටයි.

එලෙස යානය තවදුරටත් කටුනායක ගුවන් තොටුපල පරිශ්‍රයේ රඳවා ගැනුණ ද එහි සිටි මගීන් සහ කාර්ය මණ්ඩලයේ තිස්දෙනා ඊයේ (05) වනවිට මෙරටින් පිටත්ව ගොස් තිබුණා.

උද්ගත වූ තත්වය හමුවේ රුසියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා වාණිජ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ද එරෝෆ්ලොට් ගුවන් සමාගම පියවර ගනු ලැබුවා.

මේ අතර ජාතික සංවිධාන එකමුතුව ඊයේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබුණා.

ඒ, අධිකරණ නියෝගයක් වැරදි අයුරින් ප්‍රයෝජනයට ගනිමින් ශ්‍රී ලංකා - රුසියා සබඳතා බිඳ හෙලීමට පිරිසක් කටයුතු කර ඇති බව දන්වමින්.

එමෙන්ම කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් ඩි.වී ගුණසේකර සඳහන් කළේ උද්ගත වූ තත්වය සම්බන්ධයෙන් අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකළ යුතු බවයි. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top