ළමුන් අතර ශීඝ්‍රයෙන් පැතිර යන වෛරස ප්‍රභේදයක් (Video)
Monday, 06 June 2022 - 8:07 | Views - 1,208
මේ දිනවල කුඩා දරුවන් අතර උණ සමඟ ශරීරයේ රතු ලප හෝ සුදු බිබිලි මතුව ඇත්නම් එම දරුවන් ඉදිරි දින කිහිපයේ පෙර පාසල් හා පාසල් නොයවන ලෙස වෛද්‍යවරු මව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා.
වෛද්‍යවරු පෙන්වා දෙන්නේ, මෙය දරුවන් අතර ශීඝ්‍රයෙන් පැතිර යන වෛරස ප්‍රභේදයක් හේතුවෙන් බෝ වන රෝගයක් බවයි.
කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකින් මේ දිනවල වාර්තා වන මෙම වෛරස ප්‍රභේදය මාස 6ත් - අවුරුදු 12ත් අතර දරුවන් අතර ව්‍යාප්ත වෙමින් ඇති බව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.
වෛරසයක් හේතුවෙන් පැතිර යන මෙම රෝගය මාරාන්තික නොවන බව වෛද්‍යවරුන් අවධාරණය කරනවා.
Share This Article