අද ගෑස් බෙදීම කොළඹ නගර සීමාවේ පමණයි
Friday, 03 June 2022 - 14:14 | Views - 704
අද ගෑස් බෙදාහැරීම සිදුකරනු ලබන්නේ කොළඹ නගර සීමාවේ පමණක් බව ලිට්රෝ සමාගම පවසනවා.

ඒ අනුව කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤවීථිය, කොල්ලුපිටිය, බම්බලපිටිය, කිරුලපන, වැල්ලවත්ත, කුරුඳුවත්ත, බොරැල්ල, දෙමටගොඩ, මරදාන, කොටහේන, තොටළඟ සහ මෝදර යන ප්‍රදේශවලට අද ලිට්රෝ ගෑස් බෙදාහැරීම සීමාවනු ඇති.

ලිට්රෝ සමාගමේ සභාපති විජිත හේරත් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ, ගෑස් සිලින්ඩර 16,000ක් පමණක් අද දිනයේ දී බෙදාහැරීමට සැළසුම් කර ඇති බවයි.

වෙනත් ප්‍රදේශ සඳහා අද දිනයේ දී ගෑස් බෙදාහැරීම් සිදු නොකරන අතර, යළි ගෑස් නෞකාවක් අනිද්දා පැමිණීමෙන් පසු ලබන අඟහරුවාදා සිට යළි ගෑස් බෙදාහැරී ආරම්භ කරන බව සභාපතිවරයා සඳහන් කළා.

ඒ අනුව එතෙක් පෝලිම්වල රැඳී නොසිටින ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

කෙසේ වෙතත් ගෑස් මිල දී ගැනීම සඳහා ඊයේ රාත්‍රීයේ සිටම විවිධ ප්‍රදේශවල ජනතාව පෝලිම් වල රැදී සිටි බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

ගෑස් ඉල්ලා හැටන් - දික්ඔය - පුලියා වත්ත නගරයේ අද පෙරවරුවේ විරෝධතාවක් ද පැවති අතර ඒ හේතුවෙන් මාර්ගයේ රථවාහන ගමනාගමනයට ද බාධා මතුව තිබුණා.

එසේම, ගෑස් නොමැති වීමෙන් පීඩාවට පත් ජනතාව එක්ව කොළඹ - මාලිගාවත්ත ප්‍රදේශයේ දී මාර්ගය හරස් කර විරෝධය පළ කළා.

ඩීසල් මිල දී ගැනීම සඳහා ද තවදුරටත් පෝලිම් පවතිනවා.

ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේ ඇණවුම්වලට සරිලන පරිදි ඉන්ධන, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් නිකුත් නොකිරීමේ තත්ත්වයක් මේ දිනවල පවතින බවයි.

එම නිසා ටැංකි රථ බොහොමයක් සේවයට වාර්තා නොකරන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් ශාන්ත සිල්වා කියා සිටියා.

ඩීසල් ලීටර් 3000 ක් ගබඩා කර සිටි 39 හැවිරිදි පුද්ගලයෙකු අක්කරෙයිපත්තුව පල්ලිකුඩි ඉරිප්පු දෙක ප්‍රදේශයේදී පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර, භූමිතෙල් නොමැති නිසා මුහුදු යාමට නොහැකි වීමෙන් තමන් දැඩි පීඩාවට පත්ව සිටින බව පවසමින් මීගමුව - වැල්ලවීදිය දේවස්ථානය ඉදිරිපිටදී ධීවරයින් පිරිසක් ඊයේ රාත්‍රියේ සත්‍යග්‍රහයක් ආරම්භ කළා.

ජල පෝෂක ප්‍රදේශවලට වර්ෂාව ලැබුණ ද තවදුරටත් පැය 3කට ආසන්න දෛනික විදුලි කප්පාදුවක් සිදුවනු ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

එහි සභාපති ජනක රත්නායක කියා සිටියේ ජල විදුලි බලාගාරවලින් පමණක් විදුලිය නිෂ්පාදනය කිරීමට නොහැකි තත්ත්වයක් පවතින නිසා මෙලෙස ඉදිරි කාලයේදී විදුලිය කප්පාදු කිරීමට සිදු වනු ඇති බවයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top