ළමා රෝහල තුළ උග්‍ර ආහාර අර්බුදයක්?
Friday, 03 June 2022 - 10:54 | Views - 1,617
රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ මේ වන විට ඖෂධවලට අමතරව උග්‍ර ආහාර අර්බුදයක් ද මතු ව ඇතැ යි රෝහල් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

දරුවන්ගේ වර්ධනය නිසි ලෙස සිදුවීමට නම් ආහාර වේල තුළ ප්‍රෝටීන් අනිවාර්යයෙන්ම අඩංගු විය යුතු වුව ද මේ වන විට නේවාසික රෝගී දරුවන්ට දෛනික ව ලබා දෙන ආහාර වේල තුළ මස් මාළු බිත්තර තබා පරිප්පු හෝ අන්තර්ගත නො වන බව යි එම ආරංචි මාර්ග අනාවරණය කරන්නේ.

පිළිස්සුම් තුවාල ලබා රෝහල තුළ මේ වන විට ප්‍රතිකාර ලබන ඇතැම් රෝගී දරුවන්ට දෛනික ව බිත්තර 10ක් දිය යුතු වුව ද මේ වන විට එය ලබා දීමට නො හැකි තත්ත්වයක් මතු ව ඇතැයි ද සඳහන් වනවා.

මේ අතර, පිළිස්සුණු සම යථා තත්ත්වයට පත්වීමට ප්‍රෝටීන් ආහාර ලබා දීම අනිවාර්යය වන බව ද වෛද්‍යවරුන් සඳහන් කර යි.

කෙසේ වෙතත් පිළිස්සුම් තුවාල ලබා මේ වන විට ප්‍රතිකාර ලබන රෝගී දරුවන්ට පරිත්‍යාග ශීලීයෙකුගෙන් බිත්තර සීමිත ප්‍රමාණයක් ලැබි ඇති බවත් එම ප්‍රමාණය අවසන් වූ පසු ව එම දරුවන්ට ද බිත්තර ලබා දීමට නො හැකි තත්ත්වයක් උදා වන බව ද ආරංචි මාර්ග වැඩිදුරටත් පවසනවා.

මේ අතර, දෛනික රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත් වන රෝගී දරුවන්ගේ සැලකිය යුතු පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල්පෙරේරා හෙළි කරයි.

ළමයින් උසට සරිලන බරකින් යුකුත් නො වීම, වයසට සරිලන උසකින් යුක්ත නො වීම වනි මන්දපෝෂණ ලක්ෂණයන් පෙන්නුම් කරන බව ඔහු පෙන්වා දෙනවා.

මේ අතර නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්නා රෝගී දරුවන් බහුතරයක් රෝහලෙන් ලබා දෙන ආහාර ලබා නො ගත්ත ද මේ වන විට එම තත්ත්වය වෙනස් වී රෝහලෙන් ලබා දෙන ආහාර ලබා ගැනීමට පෙළඹී සිටින බව ද සඳහන්.

එසේ ම රෝහල තුළ පවතින උග්‍ර ඖෂධ සහ ශල්‍ය උපකරණ හිගය මේ වන විට යම්තාක් දුරකට පියවා ගන්නේ, දෙස් විදෙස් පරිත්‍යගශීලීන් ලබාදෙන පරිත්‍යාගවලින් යැ යි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජගත් විජේසූරිය සදහන් පවසනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top