සුදුසුකම් ලබා ඇති 5800ක් - කොරියාවට
Friday, 03 June 2022 - 10:07 | Views - 4,446

කොරියානු රැකියා සදහා සුදුසුකම් ලබා ඇති 5800ක් ඉදිරි මාස හය ඇතුළත දී කොරියාවට පිටත් කර යැවීම සදහා වැඩසටහනක් ක්‍රියාත්මක වෙමින් තිබෙනව බව වාර්තා වනවා.
කොරියානු රැකියා සදහා සුදුසුමක් ලබා ඇති ශ්‍රමිකයන් පිටත් කර යැවීම සම්බන්ධයෙන්, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර සහ කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ සහ මෙරට නේවාසික නියෝජිත ලී අතර පැවති හමුවකිනු යි මේ පිළිබඳ සාකච්ඡා වී ඇත්තේ.
කොරියානු රැකියා සදහා පිටත් ව යාමට සුදුසුකම් ලබා සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිටත් කර යැවීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් මනුෂ නානායක්කාර කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කර ඇති බව සඳහන්.
ඒ සදහා සාධනීය විසදුමක් ලබාදීමට එකඟ වූ කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ නේවාසික නියෝජිතවරයා ඉදිරි මාස හය තුළ දී රැකියා සදහා සුදුසුමකම් ලබා ඇති 5800ක් කොරියාවට ගෙන්වා ගන්නා බවට සහතික වූ බව වාර්තා වනවා.
ඒ අනුව ඉදිරි සතියේ සිට සතියට එක් ගුවන් යානයකයින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 200 දෙනෙකු බැගින් කොරියාවට රැගෙන යාමට නියමිත අතර, ඉන් පසු ව එය සතියකට ගුවන් යානා දෙකක් දක්වා වැඩි කිරීමට ද නියමිත යි.
කොරියානු රැකියා අවස්ථා වැඩි සංඛ්‍යාවක් ලංකාවට ලබාදෙන ලෙසට මනුෂ නානායක්කාර ඇමැතිවරයා ඉල්ලා සිට ඇති අතර, එයට ද කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ මෙරට නේවාසික නියෝජිතයාගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණු බව සඳහන්.
මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරින් ද එක් වී තිබෙනවා.
Share This Article