ඩෙංගු රෝගීන් ඉහළට - අධික උණ පවතියි නම් රෝහල්ගත කරන්න! (Video)
Thursday, 02 June 2022 - 15:19 | Views - 5,218

මෙරට ඩෙංගු රොගීන් වාර්තා වීම ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේ, වසරේ මේ දක්වා කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 24,523 දෙනෙකු වාර්තා වී ඇති බවයි.
දිවයිනේ ප්‍රදේශ රැසකින් මේ වන විට ඩෙංගු වාර්තා වී තිබෙනවා.
ඒ අනුව වසරේ මේ දක්වා කාලය තුළ පමණක් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 24523 ක්.
ඉන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්.
කොළඹින් රෝගීන් 5351 ක් ගම්පහින් රෝගීන් 3118 ක් සහ කළුතරින් ඩෙංගු රෝගීන් 2256 ක් ලෙස එය සටහන් වුණා.
මහනුවර,ගාල්ල, යාපනය රත්නපුර, පුත්තලම ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක ද රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා වනවා.
පසුගිය මස පමණක් රෝගීන් 6483 දෙනෙකු මෙරටින් හඳුනාගෙන තිබෙනවා.
ඩෙංගු රෝග ලක්ෂණ පිළිබඳ අවධානයෙන් සිටිය යුතු බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ.
ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමට සියලු දෙනා එක්විය යුතු බවයි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර වැඩිදුරටත් සඳහන් කළේ.
ඩෙංගු වැළඳුණු රෝගියෙකුට ඇතිවන රෝග් ලක්ෂණ ලෙස අධික උණ, තද හිසේ රුදාව, ඇස් යට වේදනාව, ඇඟපත වේදනාව ආදිය ප්‍රධාන වශයෙන් ඇතිවිය හැකියි.
මේ හේතුවෙන් කිසිම පුද්ගලයෙකුට පැය 24කට වඩා උණ පවතියි නම් ඔහු හෝ ඇය නිවසෙහි තබාගනිමින් ප්‍රතිකාර ලබා නොදී වහාම රෝහල්ගත කළ යුතු බව ද විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කළා.
Share This Article