උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග ඔක්තෝම්බර් මසට කල් යයි ? (Video)
Thursday, 02 June 2022 - 14:35 | Views - 1,822
මේ වසරේ පැවැත්වීමට නියමිත උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග ඔක්තෝම්බර් මස පැවැත්වීමට මේ වනවිට කටයුතු සූදානම් කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (02) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටි අතර ඊට විභාග කොමසාරිස් ජෙනරාල් එල්.එම්.ඩී. ධර්මසේන ද එක්ව සිටියා.
මේ අතර,රටේ පවතින තත්ත්වය හා ප්‍රායෝගික ගැටලු හේතුවෙන් ලබන 18 වනදා පැවැත්වීමට නියමිතව තිබූ දහම් පාසල් ගුරු සහතික පත්‍ර විභාගය නොපැවැත්වෙන බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසනවා.
සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේදී එම තීරණය ගෙන ඇති අතර, අදාළ විභාගය පැවැත්වෙන දිනය ඉදිරියේදී සියලු විභාග අපේක්ෂක දහම් පාසල් ගුරු භවතුන්ට දැනුම් දෙන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
Share This Article