මැයි මස 9 වනදා ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීමට අදාළ නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කර සිටි කොළඹ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වී තිබෙනවා.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ද මෙම නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කරන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනසේන ඊයේ (01) අධිකරණයට දන්වා සිටියේ.
එම නඩුවට අදාළව අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක ඇතුළු 13 දෙනෙකු ලබන 8 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ හමුවට ඊයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.