ඛනිජ තෙල් අර්බුදයක් අත ළඟ
Thursday, 02 June 2022 - 13:05 | Views - 6,276

ඉදිරි සති කිහිපයේදී රට තුළ බරපතළ ඛනිජ තෙල් අර්බුදයක් නිර්මාණය වන බව ක්ෂේත්රයට සම්බන්ධ ආරංචි මාර්ග පවසනවා.
මීට හේතු වී ඇත්තේ ඉදිරි සති කිහිපය සඳහා වන ඛනිජ තෙල් මිල දී ගැනීම් සඳහා ඇණවුම් කිසිවක් මේ වන තෙක් ස්ථානගත කර නොතිබීමයි.
ලබන 16 වැනිදා දිවයිනට පැමිණෙන පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37,500 ක් රැගත් නෞකාව පැමිණීමෙන් අනතුරුව මේ දක්වා දිවයිනට කිසිදු තෙල් නෞකාවක් සැපයුම් සඳහා ස්ථානගත කර නොමැති බවයි මේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන ඛනිජ තෙල් සංස්ථාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ ලබන 16 වන දා පැමිණෙන පෙට්‍රල් රැගත් නෞකාව සහ ඒ අතර මැද පැමිණීමට නියමිතව ඇති ඩීසල් රැගත් නෞකාවක් පමණක් මේ වන විට සැපයුම් සඳහා ස්ථානගත කර ඇති බවයි.
ඩොලර් අර්බුදය හමුවේ මේ වන විට රට තුළ බරපතළ පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු අත්‍යවශ්‍ය ඛනිජ තෙල් හිඟයක් මතුවී දැඩි අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වී තිබුණ ද ඒ පිළිබඳව ඛනිජ තෙල් සංස්ථා බලධාරීන් ඒ තරම් සංවේදී නොමැති බවටත් සංස්ථා සේවකයින් චෝදනා කරනවා.
ඔවුන් පවසන්නේ සංස්ථා බලධාරීන් පවතින ප්‍රශ්න නිරාකරණය කරනවාට වඩා රුපියල් සහ ඩොලර් මිලියන බිලියන ගණනින් සිදුවන ගනුදෙනු හරහා තමන්ට ලැබෙන කොමිස් කුට්ටි සම්බන්ධයෙන් වඩාත් උනන්දු බවයි.
ලබන 16 වැනිදායින් පසු ඉන්දීය ණය ආධාර යටතේ ලැබෙන අවසන් තෙල් තොගයත් හමාර වීමෙන් පසුව මේ දක්වා රටට ඛනිජ තෙල් ගෙන ඒම සඳහා කිසිදු ක්‍රමවේදයක් සකස් කර නොමැති බවටයි ඔවුන් චෝදනා කරන්නේ.
ඛනිජ තෙල් සංස්ථාව තුළ උද්ගත වී ඇති මේ තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍යවරයා වහා අවධානය යොමු කළ යුතු බවත්, මේ වන විට පවතින යථා තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍යවරයාට ව්‍යාජ තොරතුරු ලබාදීමට ඛනිජ තෙල් බලධාරීන් කටයුතු කර ඇති බවටත් සංස්ථා සේවකයින් චෝදනා කරනවා.
ඔවුන් පවසන්නේ ලෝක වෙළඳපලේ මේ වන විට පවතින මිලට වඩා බොහෝ අඩු මිලකට රුසියාවෙන් තෙල් ලබාගැනීමට හැකියාව තිබියදීත් බලධාරීන් ඒ සඳහා උනන්දු නොවන්නේත් අමාත්‍යවරයා නොමග යවන්නෙත් සංස්ථාව තුළ ක්‍රියාත්මක වන මේ කොමිස් මාෆියාව විසින් බවයි.
මේ වන විට යුරෝපය විසින් රුසියාවේ ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී ගැනීම අත්හිටුවා තිබීම හේතුවෙන් රුසියාව තුළ අති විශාළ ඛනිජ තෙල් නිෂ්පාදන අතිරික්තයක් ඇති බවත් මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන රුසියානු රජය සමඟ සාකච්ඡා කර එම ඉන්ධන තොග සංචිත වශයෙන් ගබඩා කර ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කළයුතු බවටයි ඔවුන් පවසන්නේ.
එවැනි ක්‍රියාදාමයන් හරහාක් හරහා මේ වනවිට ඛණිජ තෙල් සඳහා වැය කරන අති විශාල ඩොලර් ප්‍රමාණයක් රටට ඉතිරි කරගත හැකි බවටත් ඔවුන් පෙන්වා දෙනවා.
මේ අතර ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ මේ වන විට රුසියාව බොරතෙල් බැරලයක් සඳහා ඇමරිකානු ඩොලර් 35ක පමණ මිලක් නියම කර ඇති බවයි.
ලෝක වෙළඳපළේ මේ වන විට පවතින බොරතෙල් මිල හා සංසන්දනය කරද්දී මේ මිල ඉතා ලාභදායී මිල තැබීමක් වන අතර ඉන්දියාව මේ වන විටත් රුසියාවෙන් බොරතෙල් බොරතෙල් මිල දී ගනිමින් සිටිනවා.
පසුගිය සමයේ ඉන්දීය ණය ක්‍රමය යටතේ මෙරටට එවන ලද ඛනිජ තෙල් තොග බොහොමයක් මෙලෙස රුසියාවෙන් මිලදී ගත් ඛනිජ තෙල් සංචිතයි.
ඔවුන් මෙලෙස රුසියාවෙන් ඉතා අඩු මිලට ලබා ගන්නා ඛනිජ තෙල් තොග ශ්‍රී ලංකාවට ඉන්දීය ණය ක්‍රමය යටතේ එවනු ලබන්නේ ලෝක වෙළෙඳ පොළේ මිල ගණන් හා සම ලෙස බර තබමින්.
ඒ අනුව ඉන්දියාව අප හට ලබා දී ඇති ණය ක්‍රමය යටතේ ද මෙම ඛනිජ තෙල් ගනුදෙනුව හරහා අතිවිශාල ලාභයක් උපයා ගන්නා බවයි ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.
මෙම ඉන්ධන ආනයන කටයුත්තට ශ්‍රී ලංකාවට සෘජුවම මැදිහත් වීමට කිසිදු බාධාවක් නොමැති බවත් ඒ සම්බන්ධයෙන් වන කැමැත්ත මේ වන විටත් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය හරහා ප්‍රකාශ වී ඇති බවත් පෙන්වා දෙන ආර්ථික විශේෂඥයන් සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව මෙම කටයුත්තට කුමන ක්‍රමයකින් හෝ මැදිහත් වී නිරපරාදේ අපතේ යන මෙම අතිවිශාල ඩොලර් ප්‍රමාණය රැකගත යුතු බවයි.
Share This Article