බටර් , චීස් , රටඉඳි, දොඩම්, මිදි හා ඇපල් මිලෙහි නැවතත් වෙනසක් ?
Thursday, 02 June 2022 - 9:02 | Views - 1,623
එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් වැඩි කිරීමට අදාළ ගැසට් නිවේදනය ඊයේ නිකුත් කෙරුණා.‍

ඒ අනුව සියලු භාණ්ඩ හා සේවා මත මෙතෙක් 8%ක් ව පැවති වැට් අනුපාතය 12% දක්වා ඉහළ නැංවෙනවා.

නව ක්‍රමවේදයට අනුව කිරි, යෝගට්, බටර් , චීස් , රටඉඳි, දොඩම්, මිදි හා ඇපල් ඇතුළු භාණ්ඩ වර්ග 367ක් වර්තමානයේ පවතින නීති රීතිවලට අනූකූලව ආනයනය කළ හැකියි.

චොකලට් සහ කොකෝවා අඩංගු ආහාර, සීරියල්, පලතුරු යුෂ, පානීය ජලය සහ මධ්‍යසාර නොවන පාන වර්ග ද එම ලැයිස්තුවට ඇතුළත්.

සුවඳ විලවුන්, රූපලාවන්‍ය ද්‍රව්‍ය, පාවහන් හා හිස්වැසුම් ,සෙරමික් පිඟන් භාණ්ඩ, වීදුරු භාණ්ඩ, නාන කාමර උපාංග, වායු සමීකරණ හා ශීතකරණ, ඉලෙක්ට්‍රොනික් ගෘහභාණ්ඩ, සියලුම වර්ගයේ ස්ථාවර සහ ජංගම දුරකථන, සංගීත භාණ්ඩ, කුඩා දරුවන්ගේ සෙල්ලම් බඩු ද එම ලැයිස්තුවට අයත්.

නමුත් එම භාණ්ඩ සඳහා අයකරන ආනයනික බදු, රේගු බදු සහ අධිභාර සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව ආනයනික යෝගට් සඳහා කිලෝග්‍රෑමයකට පනවා තිබූ රුපියල් 1000ක වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දමා ඇත්තේ රුපියල් 2000ක් දක්වායි.

ආනයනික චීස් කිලෝග්‍රෑම් එකක් සඳහා පනවා තිබූ බද්ද ඉහළ දමා ඇත්තේ රුපියල් 400 සිට 600 දක්වායි.

දොඩම් කිලෝග්‍රෑම් 1ක් සඳහා පැවති බද්ද රුපියල් 200 සිට රුපියල් 600 දක්වා ඉහළ දමා තිබෙනවා.

මිදි කිලෝග්‍රෑම් එකක් සඳහා පැවති රුපියල් 300ක් වූ බද්ද ඉහළ දමා ඇත්තේ රුපියල් 600ක් දක්වායි.

ඊට අමතරව තිරිඟු පිටි ආනයනයේදි රේගු බදු මත පනවන අධිභාර ප්‍රතිශතය ලෙස 75% අධිභාරයක් පනවා තිබෙනවා.

බියර්, වයින්, විස්කි වොඩ්කා ඇතුළු විදේශීය මත්පැන් සඳහා පනවා ඇති අධිභාර ප්‍රතිශතය 100%ක්.

මෝටර් රථ, යතුරු පැදි සහ ත්‍රීරෝද රථ සඳහා ටයර් ආනයනය කිරීමේදී ද රේගු බදු මත 50%ක අධිභාරයක් පනවා තිබෙනවා.

විදේශිය පාවහන් මත පනවා ඇති අධිභාර ප්‍රතිශතය 75%ක්.

ශිතකරණ, රෙදි සෝදන යන්ත්‍ර හා විදුලි උදුන් ආනයනයේදී 100% අධිභාරයක් පනවා තිබෙනවා.

සංගීත භාණ්ඩ සඳහා රේගු මත පනවන අධිභාර ප්‍රතිශතය 100%ක්.

මේ අතර දේශීය අදායම් කොමසාරිස්වරුන්ගේ සංගමය ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් නව බදු සංශෝධනය පිළිබඳව අදහස් පල කළා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top