සති අන්තයේ තවත් ගෑස් නැවක් (Video)
Thursday, 02 June 2022 - 8:18 | Views - 603
ඕමානයේ සිට මෙරටට පැමිණි ගෑස් මෙටි්‍රක් ටොන් 3900ක් සහිත නෞකාවේ ගෑස් ගොඩබෑමේ කටයුතු ආරම්භ කිරීමත් සමඟ අද දිනයේත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර 50,000ක් වෙළඳ පොලට නිකුත් කළ බව ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කළා.
ලබන සිකුරාදා දක්වා ගෑස් සිලින්ඩර 50,000 බැගින් දෛනිකව වෙළඳපොලට නිකුත් කරන බවයි එම සමාගම වැඩිදුරටත් සදහන් කළේ.
මේ අතර, එළඹෙන සති අන්තයේ තවත් ගෑස් මෙටි්‍රක් ටොන් 2500ක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණිමට නියමිතව තිබෙනවා.
මේ අතර, සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ නිෂ්පාදන කටයුතු අද ආරම්භ කෙරුණා.
කෙසේ වෙතත්, ඩීසල් නොමැති වීමෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල බස්රථ සහ ලොරි රථ රියදුරන් දැඩි අපහසුතාවයට පත්ව ඇති අයුරු අදත් දැකගන්න ලැබුනා.
ඩීසල් අර්බුදයට නිෂ්චිත විසඳුමක් කඩිනමින් ලබා නොදුනහොත් ලබන සඳුදා සිට සියලුම පෞද්ගලික බස් රථ, ධාවනයෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ඊයේ ප්‍රකාශ කළා.
Share This Article