යළිත් රාත්‍රිය අඳුරට
Thursday, 02 June 2022 - 7:48 | Views - 4,288
අද (02) දිනයේ සිට යළිත් වරක් දිවයින පුරා රාත්‍රී කාලයේ විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම හේතුවෙන් මැයි මස 23 වැනි දිනයේ සිට රාත්‍රී කාලයේ කිසිදු විදුලි කප්පාදුවක් සිදු වුණේ නෑ.

කෙසේ වෙතත් අද දිනයේ සිට ලබන 04 වැනි දින දක්වා රාත්‍රී කාලයේ පැයක විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව යි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ.

ඒ අනුව අද සහ හෙට (03) යන දෙදින තුළ දිවා කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේ පැයක් වශයෙන් පැය දෙකක විදුලි කප්පාදුවක් සිදු වනු ඇති.

මේ අතර, ජුනි මස 4 වැනි දින ද රාත්‍රී කාලයේ පමණක් පැයක විදුලි කප්පාදුවක් සිදු කිරීමට සැලසුම් කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරනවා.

ජුනි මස 05 වැනි ඉරු දින විදුලි කප්පාදුවක් සිදු නො කිරීමට ද තීරණය කර තිබෙන බව සඳහන්.

මේ අතර, අද දිනයේත් දිවයින පුරා ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 50,000ක් බෙදාහැරීමට සැලසුම් කර ඇති බව ලිට්‍රෝ සමාගම පවසනවා.

ඉන් සියයට 60ක ප්‍රමාණයක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්වල බෙදා හැරීමට නියමිත යි.

පසුගිය අඟහරුවා දා දිනයේ සිට අඛණ්ඩ ව දෛනික ගෑස් සිලින්ඩර් 50,000 බැගින් බෙදාහැරීමට කටයුතු කළ බව යි ලිට්‍රෝ සමාගම පැවසුවේ.


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top