ජුනි මස 2 සිට 5 අතර දිනවල විදුලි කප්පාදුව සිදු කිරීමට අදාල අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව ජුනි 2 වන දින පැය 2කුත්, ජුනි 3වන දින පැය 2කුත්, ජුනි 4 වන දින පැය 1කුත් වන ලෙස විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.
නමුත් ජුනි 5වන දින විදුලිය කැපීමක් සිදු නොවන බවයි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරන්නේ.
මෙම විදුලි කප්පාදුවට අදාළ අනුමැතිය ලබා දී ඇත්තේ මහජන උපයෝගිතා කොමිසමෙහි සභාපති ජානක රත්නායක විසින්.