අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් රාජ්‍ය සේවයට කැඳවීමේ වැඩපිළිවෙළ මාස තුනක් ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
එම මාස තුන ඇතුළත නිවසේ සිට රාජකාරි කිරීමේ ක්‍රමවේදයේ සාර්ථක අසාර්ථක භාවය සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කර තවදුරටත් එම ක්‍රමවේදය පවත්වාගෙන යන්නේ ද නැද්ද යන්න තීරණය කරන බවයි අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නෙ පවසන්නේ.