සතියට දින දෙකක් වැසෙන කාර්යාලය
Tuesday, 31 May 2022 - 15:45 | Views - 2,963
නැවත දැනුම්දෙන තුරු සිවිල් ගුවන් සේවා අධිකාරියේ කාර්‍යය මණ්ඩලය රාජකාරි සඳහා ගෙන්වීමේ ක්‍රමවේදයෙහි වෙනසක් කොට තිබෙනවා.

ඒ අනුව 2022 මැයි 30 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි කාර්‍යය මණ්ඩලය රාජකාරි සඳහා වාර්තා කළ යුත්තේ සඳුදා, බදාදා සහ සිකුරාදා යන දිනයන්හි පමණක් බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා.
 
ඒ දිනයන්හි කාර්‍යාල වේලාවන් දක්වා ඇත්තේ උදෑසන 8.30 සිට සවස 4.15 දක්වායි.
 
එම දිනයන්හි කාර්‍යය මණ්ඩලය කාර්‍යාලයේ සිට වැඩ කළ යුතුය.
 
අනෙකුත් දින දෙක වන අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දිනයන්හි උදේ 8.30 සිට සවස 4.15 දක්වා කාර්‍යය මණ්ඩලය නිවසේ සිට වැඩ කළ යුතු බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කරන්නේ.
 
එබැවින් සේවා දායකයන් හට අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දිනවල සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAASL) කාර්යාල වෙත නොපැමිණෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top