වැසි තත්ත්වයේ වැඩිවීමක් (Video)
Tuesday, 31 May 2022 - 14:34 | Views - 465

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ පවතින වැසි සහ සුළං තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර, අද පෙරවරු 8.30න් අවසන් වූ පැය 24 තුළ මිලිමීටර් 192ක වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල ප්‍රදේශයෙන්.
කළුතර - මීගහතැන්න ප්‍රදේශයට මිලිමීටර් 132ක වර්ෂාපතනයක් ඇති වී තිබෙනවා.
දැනට පවතින වැසි තත්ත්වයත් සමග ගාල්ල දිස්ත්‍රික්කයේ නෙලුව සහ තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පහත්බිම් ජලයෙන් යටවීමේ සම්භාවිතාවක් පවතින බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.
ඒ අනුව අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වෙත යුද හමුදා භට පිරිස් සහ බෝට්ටු ස්ථානගත කිරීමටයි පියවර ගෙන ඇත්තේ. අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පීඩාවට ත් ජනතාවට සහන සැලසීමට නාවික හමුදා සහන කණ්ඩායම් 6ක් මේ වන විට ස්ථාන ගත කර තිබෙනවා.
ඊයේ රාත්‍රියේ සිට දිවයිනේ ප්‍රදේශ රැසකට මේ වන විට අඛණ්ඩව වැසි තත්ත්වයක් පවතිනවා. වැසිත් සමග ගංඟා කිහිපයක ජල මට්ටම් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
කැළණි, කළු, ගිං සහ නිල්වලා යන ගංඟාවල මෙන්ම අත්තනගලුඔයේ ජල මට්ටම මෙලෙස ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්යක්ෂ එස්.පී.සී. සුගීෂ්වර සදහන් කළා.
මේ හේතුවෙන් පහත්බිම්වල වෙසෙන ජනතාව අවධානයෙන් සිටින ලෙසද ඔහු ඉල්ලා සිටියා.
එමෙන්ම, දැදුරුඔය ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කිරීමට පියවර ගෙන ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
වැසිත් සමග දිස්ත්‍රික්ක 8කට නාය යාමේ අනතුරු ඇගවීමේ නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා. කොළඹ, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, මාතර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට මෙම නාය යාමේ අවධානම් නිකුත් කර ඇත්තේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්.
නිරිතදිග මෝසම සක්‍රිය වීම හේතුවෙන් බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් තද සුළං සමඟ මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
එමෙන්ම, මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම්වලත්, උතුර, උතුරුමැද, වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා තද සුළං ඇති විය හැකියි.
Share This Article