නව ගැසට්ටුවක් නිකුත් කෙරෙයි
Tuesday, 31 May 2022 - 12:28 | Views - 648
නව අමාත්‍ය මණ්ඩලයේ විෂයයන් සහ කාර්යභාරයන් ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ යම් අමාත්‍යවරයෙකුට නිශ්චිතව පවරනු නොලැබූ සියලුම විෂයන් සහ කාර්යයන් දෙපාර්තමේන්තු, රාජ්‍ය, සංස්ථා සහ ව්‍යවස්ථාපිත ආයතන තමා යටතේ තවදුරටත් පවත්වා ගන්නා බවයි.ඒ අනුව ජනාධිපතිවරයා යටතේ පවතින ආරක්ෂක අමාත්‍යාංශයට දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා 42 ක් අයත් වෙන අතර, නව අග්‍රාමාත්‍යවරයා යටතේ පවතින මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතට ආයතන 57 ක් අයත් වන බව සඳහන්.එසේම, ශ්‍රී ලංකා මහ බැංකුව, මහා භාණ්ඩාගාරය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, ජාතික හා සංවර්ධන ලොතරැයි මණ්ඩල ද එම ආයතන 57ට අදාල බවටයි සඳහන් වන්නේ.තවද, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට ආයතන 15 ක් සහ අධ්‍යාපන අමාත්‍යාංශයට ආයතන 36 ක් ලෙසද අදාල ගැසට් නිවේදනයෙන් දක්වා තිබෙනවා.එය පහතින්....
Share This Article