නව ගැසට්ටුවක් නිකුත් කෙරෙයි
Tuesday, 31 May 2022 - 12:28 | Views - 649
නව අමාත්‍ය මණ්ඩලයේ විෂයයන් සහ කාර්යභාරයන් ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ යම් අමාත්‍යවරයෙකුට නිශ්චිතව පවරනු නොලැබූ සියලුම විෂයන් සහ කාර්යයන් දෙපාර්තමේන්තු, රාජ්‍ය, සංස්ථා සහ ව්‍යවස්ථාපිත ආයතන තමා යටතේ තවදුරටත් පවත්වා ගන්නා බවයි.

ඒ අනුව ජනාධිපතිවරයා යටතේ පවතින ආරක්ෂක අමාත්‍යාංශයට දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා 42 ක් අයත් වෙන අතර, නව අග්‍රාමාත්‍යවරයා යටතේ පවතින මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතට ආයතන 57 ක් අයත් වන බව සඳහන්.

එසේම, ශ්‍රී ලංකා මහ බැංකුව, මහා භාණ්ඩාගාරය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, ජාතික හා සංවර්ධන ලොතරැයි මණ්ඩල ද එම ආයතන 57ට අදාල බවටයි සඳහන් වන්නේ.

තවද, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට ආයතන 15 ක් සහ අධ්‍යාපන අමාත්‍යාංශයට ආයතන 36 ක් ලෙසද අදාල ගැසට් නිවේදනයෙන් දක්වා තිබෙනවා.


එය පහතින්....


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top