ඉන්දීය ණය සහන ක්‍රමය යටතේ තවත් ඩීසල් නෞකාවක් මෙරටට
Tuesday, 31 May 2022 - 11:28 | Views - 823
ඉන්දීය ණය සහන ක්‍රමය යටතේ තවත් ඩීසල් නෞකාවක් ඊයේ දිවයිනට ළඟා වී තිබෙනවා.

එමගින් ඩීසල් මෙටි්‍රක් ටොන් 40,000ක් රැගෙන ආ බවයි කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ.

ඩීසල් තොගය රැගෙන විත් ඇත්තේ ඉන්දීය රජයට අයත් ස්වර්ණ පුෂ්ප් නැමති ඉන්ධන ප්‍රවාහන නෞකාවෙන්. මේ අතර, ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානාවලට ප්‍රමාණවත් ඉන්ධන සහිතව පැමිණෙන ලෙසත්, එසේ නොමැති නම් වෙනත් ගුවන් තොටුපළකින් ඒ සඳහා ඉන්ධන ලබා ගැනීමට සිදුවිය හැකි බවත් සිවිල් ගුවන් සේවා අධිකාරිය විදේශ ගුවන් සේවාවන් වෙත දැනුම් දී තිබෙනවා.

ඩොලර් හිගය හේතුවෙන් ප්‍රමාණවත් ගුවන් යානා ඉන්ධන සංචිත ගුවන් තොටුපළේ නොමැතිවීම ඊට හේතුවයි. සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ රේහාන් වන්නිඅප්පා මේ බව ප්‍රකාශ කර ඇත්තේ බ්ලූම්බර්ග් ව්‍යාපාරික වෙබ් අඩවියටයි.

මේ අතර, ශ්‍රී ලන්කන් ජාතික ගුවන් සේවය ද දකුණු ඉන්දීය ගුවන් තොටුපළවලින් සහ ඩුබායි ගුවන් තොටුපළෙන් දීර්ඝ ගුවන් ගමන් සදහා ඉන්ධන ලබා ගන්නා බව ආරංචි මාර්ග උපුටා දක්වමින් බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වැඩිදුරටත් සදහන් කළා.

කෙසේ නමුත් ගුවන් තොටුපළ හා ගුවන් සේවා අධිකාරියේ සභාපති ජී.ඒ. චන්ද්‍රසිරි එම වෙබ් අඩවියට සදහන් කර ඇත්තේ ඉන්ධන ගැටළුව ගුවන් තොටුපළ සහ ගුවන් සේවා මෙහෙයුම්වලට බාධාවක් ඇති කර නොමැති අතර, ගෙන ඇත්තේ පූර්වෝපාය පියවරක් පමණක් බවයි.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top