පවතින අර්බුදය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සහ රාජ්‍ය සේවා බාධවකින් තොරව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මුදල් සම්පාදනය කිරීමට පරිපූරක ඇස්තමේන්තුවකට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
මෙම පරිපූරක ඇස්තමේන්තුවෙන් අදාල සහන සැලසීම සඳහා රුපියල් බිලියන 695ක මුදලක් වෙන් කිරීමට නියමිතයි.
තවද , මෙම පරිපූරක ඇස්තමේන්තුව කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.