ශෂී වීරවංශ අදත් අධිකරණයට (Video)
Tuesday, 31 May 2022 - 10:05 | Views - 441
හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ අද (31) යළිත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබෙනවා.
අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් වසර දෙකක සිරදඬුවම් නියම වී සිටින ශෂී වීරවංශගේ නීතිඥවරු ඉකුත් සිකුරාදා එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළා.
කෙසේ වෙතත් එහිදී , ඔවුහු ඇය ඇප මත මුදාහරින ලෙස ඉල්ලමින් ඇප ඉල්ලීම ද ඉදිරිපත් කළා.
මෙම ඇප ඉල්ලීම අද දින සලකා බැලීම සඳහා කැඳවන ලෙස නියෝග කළ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා මීට අදාළ ව නීතිපතිවරයා වෙත නොතීසි නිකුත් කරන ලෙස ද ඊයේ නියම කර තිබුණා.
Share This Article