අටළුගම දැරිය අපයෝජනය වී නොමැති බවට හෙළිවෙයි
Monday, 30 May 2022 - 15:14 | Views - 5,810
බණ්ඩාරගම - අටළුගම දී දැරියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන අධිකරණ වෛද්‍ය වාර්තාව නිකුත් වී තිබෙනවා.
අධිකරණ වෛද්‍ය වාර්තාවට අනුව අදාළ දැරිවිය අපයෝජනයට ලක්ව නොමැති බවයි තහවුරු වී ඇත්තේ.
එමෙන්ම ඝාතනය සිදු කළ සැකකරු මේ වනවිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු විසින් තමන් දැරිවිය ඝාතනය කළ බවට පාපොච්චාරණය කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු අද (30) දිනයේ දී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Share This Article