අටළුගම ඝාතකයා අල්ලයි (Video)
Monday, 30 May 2022 - 14:10 | Views - 3,450
බණ්ඩාරගම - අටළුගම ප්‍රදේශයේ දී පෙරේදා (28) දිනයේ දී ඝාතනය ලක් වූ 09 හැවිරිදි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඊයෙ (29)  පොලිසිය භාරයට ගැනුණු පුද්ගලයින් දෙදෙනා අතරින් එක් අයෙකු ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන තිබෙනවා.

29 හැවිරිදි මේ පුද්ගලයා දෙදරු පියෙක් බවයි වාර්තා වන්නේ.

අදාළ පුද්ගලයා දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී ඇති තැනැත්තෙකු වන අතර ඔහු පසුගිය 27 වනදා සිය නිවසේ සිටියදී මෙම දැරිය හුදෙකලාව යන අයුරු දුටු බව ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී පොලීසිය හෙළි කරගෙන තිබෙනවා.

පානදුර විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අදාළ පුද්ගලයා ගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි මෙම සිද්ධියට සම්බන්ධ තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ.

ඉන් අනතුරුව මෙම දැරිය ඔසවා ගත් සැකකරු ඇය රැගෙන කැලෑබද ප්‍රදේශයකට ගොස් ඇති බවත් ඉන් අනතුරුව දැරියට යම් අතවරයක් සිදු කිරීමට උත්සාහ කළ ද ඒ සම්බන්ධයෙන් තමන් බිය වූ බවත් පොලිසියට ලබාදුන් ප්‍රකාශයේ සඳහන් බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඔහු දැරිය ඝාතනය කිරීමට පෙළඹුණේ යම් හෙයකින් ඇයි මෙම සිද්ධියය අනාවරණය කරනු ඇතැයි මතු වූ බිය හේතුවෙන් බවයි ඔහු පොලිසියට පවසා ඇත්තේ.

කෙසේ වෙතත් දැරිය ඝාතනය කරනු ලැබුවේ ගෙල මිරිකා ද, නැතහොත් දියේ ගිල්වා ද යන්න පිළිබඳව මෙතෙක් තහවුරු වී නැහැ.

මෙම ඝාතන සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පානදුර රෝහලේදී සිදු කෙරෙන අතර එහි ප්‍රතිඵල තවත් ටික වේලාවකින් නිකුත් කිරීමට නියමිතයි.

පසුගිය 27 වන දා බණ්ඩාරගම - අටළුගම ෆාතිමා අයීෂා අක්‍රම් දැරිය අතුරුදන් වී තිබුණේ නිවස ආසන්නයේ වෙළදසැලකට කුකුළු මස් මිලදී ගැනීම සඳහා ගොස් ආපසු පැමිණෙමින් සිටින අතරතුරයි.

ඊට පසුදින පස්වරුවේ දැරියගේ සිරුර, නිවසට යාබද වගුරු බිමක තිබී සොයාගැනුණු අතර, සිද්ධියට අදාළව දැනටමත් පවුලේ සාමාජිකයන් හා අසල්වැසියන් ඇතුළු 30 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top