සියලු ම මන්ත්‍රීවරුන් ඉල්ලා අස්වෙන්න -පාර්ලිමේන්තුව විසිරුවා හරින්න!
Monday, 30 May 2022 - 9:57 | Views - 610
රටේ වත්මන් අර්බුද වලට විසඳුම පාර්ලිමේන්තුවේ සියලු ම මන්ත්‍රීවරුන් ඉල්ලා අස් වී මැතිවරණයකට යාම බව ද්‍රවිඩ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් ප්‍රකාශ කළා.

ඊයේ (29) යාපනයේ පැවති මාධ්‍ය හමුවක් අතරුරයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.

රටේ බහුතර ජනතාව ජනාධිපතිවරයාත්වත් වත්මන් අග්‍රාමාත්‍යවරයාවත් ප්‍රතික්ෂේප කරන පසුබිමක තවදුරටත් ඔවුන් එම තනතුරුවල ඉඳිමින් රට ගොඩ නැගීමට දරණ සියලු ම උත්සහයන් පලක් නොමැති බවත් ඔහු ප්‍රකාශ කළා.

වර්තමාන ආණ්ඩුව ආණ්ඩුවක් ලෙස පිළිගත නොහැකි බවත්, එය එසේ පිළිගැනීමට කිසි ම හේතු සාධකයක් නොමැති බව ද ඔහු ප්‍රකාශ කළා.

එමෙන් ම වත්මන් ආණ්ඩුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ආණ්ඩුවක් බවත්, එබැවින් වහා ම ආණ්ඩුව විසිරුවා හැරිය යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.

තව ද මහජන විරෝධය මධ්‍යයේ වුව ද සිදුව ඇති එක ම දේ නම් මහින්ද රාජපක්ෂ ගේ අගමැති පුටුවේ රනිල් වික්‍රමසිංහ වාඩි වීම පමණක් බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

එමන් ම ජනතාව භාණ්ඩ මිල ඉහළ යාම, ඉන්ධන හිඟය, ගෑස් හිඟය ආදිය වැනි තත්ත්වයක් උද්ගත වීම නිසා නව රජයක් ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා වැඩි දුරටත් සඳහන් කළා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top