අටළුගම දැරිය ඝාතනයට කීරකොටුකාරයෙක් පොලිස් භාරයට (Video)
Monday, 30 May 2022 - 7:48 | Views - 18,895
ඝාතනයට ලක් වූ බණ්ඩාරගම - අටළුගම 09 හැවිරිදි දැරිවියගේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට දෙදෙනකු පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඉන් එක් සැකකරුවෙකු කීරකොටුකාරයෙකු වන අතර, ඔහුගේ නිවසෙහි ඇඳ යට තිබී මඩ ගෑවුණු සරමක් ද පොලිසිය විසින් සොයාගනු ලැබුවා.

පොලිසිය පැවසුවේ, කීර කොටුවට අල්ලපු ඉඩම වන්නේ ඝාතනයට ලක් වූ දැරිවියගේ මෘත ශරීරය හමු වූ වගුරු බිම බවයි.

ඝාතනයට ලක්වූ ෆාතිමා අයීෂා අක්‍රම් දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (30) සිදු කිරීමට නියමිතයි.

ඒ, පානදුර මූලික රෝහලේදීයි.

මේ අතර, දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ තවත් පොලිස් කණ්ඩායම් 5ක් ඒකාබද්ධවයි.

ඒ අනුව ප්‍රදේශයේ සී.සී.ටී.වී. දර්ශන මෙන්ම මත්ද්‍රව්‍යවලට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව ද අවදානය යොමුකරමින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඊට අමතරව ප්‍රදේශයේ දුරකථන සංඥා කුළුණු ඔස්සේ ද දුරකථන දත්ත වාර්තා පිළිබද විමර්ශන සිදු කරන බවයි පොලිස් ආරංචි මාර්ග සදහන් කළේ.

එමෙන්ම මෙම දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා ප්‍රදේශයේ එළවළු කොරටුවක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු සහ තවත් අයෙකු පොලිස් භාරයට ගෙන ඇති බවද පොලිසිය ප්‍රකාශ කළා.

පසුගිය 27 වන දා බණ්ඩාරගම - අටළුගම ෆාතිමා අයීෂා අක්‍රම් දැරිය අතුරුදන් වී තිබුණේ නිවස ආසන්නයේ වෙළදසැලකට කුකුළු මස් මිලදී ගැනීම සඳහා ගොස් ආපසු පැමිණෙමින් සිටින අතරතුරයි.

ඊට පසුදින පස්වරුවේ දැරියගේ සිරුර, නිවසට යාබද වගුරු බිමක තිබී සොයාගැනුණු අතර, සිද්ධියට අදාළව දැනටමත් පවුලේ සාමාජිකයන් හා අසල්වැසියන් ඇතුළු 30 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. 





Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top