විදුලි බිලත් නුදුරේදී ම ඉහළට ?
Saturday, 28 May 2022 - 13:49 | Views - 655

මාර්ග අවහිර කරමින් ඉන්ධන ලබාදෙන ලෙස විරෝධතා කරන පිරිස් ඉන්ධන ලබා ගැනීමට පෝලිම්වල නොසිටින පුද්ගලයින් වන බවට අනාවරණ වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
එම අමාත්‍යාංශයේ මේ වනවිට (28) පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
එමෙන්ම ඉන්ධන රැස් කිරීමේ අරමුණෙන් ඊයේ (27) දිනය තුළ පමණක් කිහිප වතාවක් පිරවුම්හල් වෙත පැමිණි 1200කට වැඩි පිරිසක් අලුතින් හඳුන්වා දුන් ජංගම යෙදවුම මගින් පොලීසිය හඳුනාගෙන ඇති බව ද බලශක්ති අමාත්‍යවරයා පැවසුවා.
මේ අතර විදුලිය උත්පාදනය සඳහා මසකට ඉන්ධන සඳහා පමණක් ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක වියදමක් ඉක්මවා ඇති බව අමාත්‍යවරයා පවසනවා.
ඊයේ (27) දින අමාත්‍යාංශයේ දී පැවති හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.
එක් ඒකකයක් නිෂ්පාදනය සඳහා සාමාන්‍ය පිරිවැය රුපියල් 48 දක්වා වැඩි වී ඇති බවත්, කඩිනම් පුනර්ජනනීය බලශක්ති උත්පාදන සැලැස්මක් ජූනි 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් එහිදී අවධාරණය කෙරුණා.
මේ සඳහා ක්‍රියාත්මක කරන කඩිනම් විසඳුම් ලෙස අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, කර්මාන්ත, රජයේ ගොඩනැගිලි, රෝහල්, හෝටල් සහ අනෙකුත් වහළ අවකාශය ලබාගත හැකි ස්ථානයන්හි වහළ උඩ සූර්ය බලය නිෂ්පාදනය කළ හැකි පරිදි සකස් කිරිම, දැනට යෝජනා කර ඇති විදුලි ගාස්තු වෙනස් කිරීම් මගින්, ඉහත බොහෝ ආයතනවල වත්මන් විදුලි බිල තුන් ගුණයකින් වැඩි වීමට ඉඩ ඇති බව ද සාකච්ඡාවේ දී හෙළි වුණා.
එම ආයතනවල වර්තමාන විදුලි බිල් මුදල සූර්ය පැනල සඳහා ආයෝජනය කළ හැකි අතර සූර්ය පැනල ලබාදෙන සමාගම්වලට මාසිකව ගෙවිය යුතු මුදල ලෙස මෙය ගෙවා දැමිය හැකි බවත්, විදුලිබල මණ්ඩලයට මෙමගින් ජල හා තාප බලාගාර කළමනාකරණය කර දහවල් කාලයේදී භාවිතා කිරීමට අවශ්‍ය විදුලිය නිෂ්පාදනයට වැය වන මුදල ඉතිරි කර ගැනීමටත්, ජනන පිරිවැය අඩු කර ගැනීමටත් හැකියාව ලැබෙනු ඇති බවයි හෙළි වූයේ.
යෝජිත ව්‍යාපෘති සඳහා කඩිනමින් තාවකාලික අනුමැතිය ලබාදෙන අතර, ආයෝජන පිරිවැය වැඩි වීම හේතුවෙන් සාධාරණ ගාස්තු සංශෝධනයක් කරනු ලැබෙනවා.
මිලදී ගැනීමේ ගිවිසුම නිකුත් කිරීමෙන් පසු, ව්‍යාපෘති ආයෝජකයාගෙන් ලැබෙන ආයෝජන සමඟ ජාතික පද්ධතියේ ධාරිතාව වැඩි දියුණු කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ ආයෝජකයා සමඟ එක්ව කටයුතු කර ආයෝජකයාගේ මුල්‍ය අරමුදල් ආයෝජනය තුළින් කිරීමට බලාපොරොත්තු වන අතර, මෙමගින් ව්‍යාපෘතිවල කාලරාමුව වේගවත් කිරීමට ද නියමිතයි.
Share This Article