පෝලිම් වල ඉන්නේ නැතුව ඉන්ධන ගත්තේ මෙහෙමයි - ලීටරයේ මිල ටිකක් වැඩියි ?
Saturday, 28 May 2022 - 12:55 | Views - 2,028
අලුත්ගම සමුපකාර ඉන්ධනහලේ පොම්පකරුගේ බිරිඳ පෙට්රල් බෝතලයක් රුපියල් 800යට අලෙවි කරමින් සිටියදී පෙට්රල් තොගයක් සමග අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගත් එම කාන්තාවගෙන් ප්රශ්න කිරීමේ දී පවසා ඇත්තේ තම ස්වාමියා රැගෙන එන පෙට්රල් මෙලෙස අලෙවි කරන බවයි.
පෙට්රල් බෝතලයක් රු.800 ක මුදලකට පොලිස් උපාය දූතයකු විසින් මිලදී ගැනීමෙන් අනතුරුව එම නිවස පරික්ෂා කර පෙට්රල් බෝතල් තොගය සමග එම කාන්තාව අත්අඩංගුවට ගත් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
අත්අඩංගුවට ගත් කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය සඳහන් කළා.
Share This Article