අදට අප සතුව ඇති ඉන්ධන සංචිතය මෙන්න - හෙටත් නැවක් එනවා
Saturday, 28 May 2022 - 10:36 | Views - 3,162
මෙරට මේ වනවිට පවතින ඉන්ධන තොග සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.ඒ අනුව දැනට රට තුළ ඩීසල් තොග මෙට්‍රික් ටොන් 17,077ක් ද, සුපිරි ඩීසල් මෙට්‍රික් ටොන් 1,072ක් ද පවතින බවයි ඔහු සඳහන් කළේ.පෙට්‍රල් 92 වර්ගයෙන් ,මෙට්‍රික් ටොන් 37,391ක් ද පෙට්‍රල් 95 වර්ගයෙන් මෙට්‍රික් ටොන් 6,142ක් සහ 'ජෙට් ඒ 1' මෙට්‍රික් ටොන් 2,437ක්.එමෙන්ම හෙට (29) දිනයේ දී තවත් ඩීසල් නෞකාවක් මෙරටට පැමිණීමට නියමිත බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

Share This Article