දේශිය වෙලදපොලේ උඩරට සහ පහතරට එලවළු මිල යලිත් ඉහල ගොස් ඇති තිබෙනවා.
ඉකුත් සතියේ කිලෝවක් රු 1000 කට අලෙවි වු තක්කාලි ඊයේ දින වන විට රු 600 ක මිලකට අලෙවි වන බවත්, ගෝවා කිලෝවක් රු 150 ක මිලකට සහ අළු කෙසෙල් කිලෝවක් රු 120 කට අලෙවි වන බවයි වෙලෙදුන් කියා සිටින්නේ.
උඩරට සැම එලවළු කිලෝවක්ම රු 400 – 550 අතර මිලකට අලෙවි වන බවත්, මාළු මිරිස් කිලෝවක් රු 850 වැනි මිලකට අලෙවි වන බවයි වෙලෙදුන් කියා සිටින්නේ.
පහතරට සැම එලවළු කිලෝවක්ම රු 300 – 450 අතර මිලකට අලෙවි වන බවත්, දෙල් ගෙඩියක් රු 120 සිට රු 250 දක්වා ඉහල මිලකට අලෙවි වන බවත්, මඤ්ඤොඤක්කා කිලෝවක් රු 120 කට . මදුළු ගැලවු කොස් කිලෝවක් රු 150 වැනි මිලකට අලෙවි වන බවයි එම වෙලෙදුන් කියා සිටින්නේ.